ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට(30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පවසයි.
අද(29) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට බණ්ඩාරවෙල මහ නගර සභාවේ නිලධාරීන්, බණ්ඩාරවෙල පොලිසියේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද එක්ව තිබේ.
බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරුවීමෙන් අනතුරුව දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
අදාළ දින 14 ක කාලය අප්‍රේල් මස 4 වන දිනෙන් අවසන්වීමට නියමිත බව ද ඔහු සදහන් කළේය.