කොරෝනා එක්ක හැප්පෙන්න රොබෝ වෛද්‍යවරයෙකු නිපදවූ අපේ රටේ දරුවා (Video)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට ජීවිත අවදානම ද නොතකා කටයුතු කිරීමට සිදුව තිබෙනවා. එසේම කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කළ ලොවපුරා වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශවල බොහෝදෙනෙකුට වෛරසය ආසාදනවී තිබුණා.

මෙම තත්වය තේරුම් ගත්  ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබන තේජන දෙවුමිණ සිසුවා විසින් රොබෝ යන්ත්‍රානුසාරයෙන් වෛද්‍ය කටයුතු සිදුකිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

එම රොබෝ යන්ත්‍රයේ ඇති සංවේදක මගින් ස්වයංක්‍රීයව රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්පන්ධනය, උෂ්ණත්වය ඇතුළු බොහෝ දේ හඳුනාගනිමින් එය අන්තර්ජාල පහසුකම හරහා වෛද්‍යවරයාගේ දුරකතනයට ලබා ගැනීමේ පහසුකම සළසා තිබෙනවා. තවද අන්තර්ජාල පහසුකම් නොමැති අවස්ථාවක වුවද කෙටි පණිවිඩ හරහා රෝගියාගේ තත්ව වාර්තාව වෛද්‍යවරයාට ලබා ගැනීමේ පහසුකමද මෙහි ඇතුලත්.

ඒ අනුව සෑම මිනිත්තු 15 කට වරක්ම වෛද්‍යවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මඟින් රෝගියාගේ රෝග ලක්ෂණ ලැබෙන ආකාරයටයි මෙය නිර්මාණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඇතිවන අපහසුතා හඳුනා ගැනීම නිසා තමන්ට මෙවැනි අදහසක් පැමිණි බව ප්‍රකාශ කළ ඔහු තම නිර්මාණය ගැන වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිළි කළා.

Leave A Reply

Your email address will not be published.