තම රෝහලට නව කොරෝනා වෛරස් ආසාදිත රෝගීයෙකු ඇතුළු වූ බව ආසිරි රෝහල සඳහන් කරයි.
ඔවුන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ අදාළ රෝගියා තොරතුරු සඟවා තම රෝහලට ඇතුළත්වීම හේතුවෙන් තම රෝහල් කාර්ය මණ්ඩලය අවදානමට ලක්ව ඇති බවයි.
එනිසා ඔවුන් හුදෙකලා කරන බව ද එම සටහනේ සදහන් කර ඇත.
අදාළ රෝගියා මේ වනවිට කොළඹ ජාතික උණ රෝහලට මාරු කර යවා ඇතැයි ද සඳහන්ය.
මූලාශ්‍රය – Lanka C News