නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය පුරා මාස දෙකක කාලයක් වසා දැමීමෙන් පසුව අද (28) දින යළි අර්ධ වශයෙන් විවෘත කර තිබෙනවා.
වුහාන් නගරයට වෙනත් නගරවලින් ජනතාවට පැමිණීමට අවසර ලබාදී ඇති අතර නගරයෙන් පිටවීමට කිසිවෙක්ට අවසර හිමිව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
හුබෙයි ප්‍රාන්තයේ අගනුවර වන වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගීන් 50,000කට අධික පිරිසක් වාර්තා වූ අතර මරණ 3000ක් පමණ වාර්තා වුණා.
වුහාන් නගරයේ මිලියන 11ක පමණ ජනතාවක් වාසය කරන අතර ඔවුන් පුරා මාස දෙකක පමණ කාලයක් වසා දැමු නගරය තුලට වී සිටිනු ලැබුවා.