ශ්‍රී ලංකාවේ කොරෝනා සටනට අමෙරිකාවෙන් සහය!

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන කටයුතු සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 1.3ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වන රසායනාගාර පද්ධති සැකසීම, වෛරසය වැලදී සිටින රෝගීන් සොයා ගැනීම, එමෙන්ම ඒ ආශ්‍රිත නිරීක්ෂණ කටයුතු සිදුකිරිම ආදී කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම මුදල ප්‍රදානය කර ඇත.

ගතවූ වසර 20 ක කාලය තුලදී සෞඛ්‍ය කටයුතු සඳහා අමෙරිකාව විසින් ඩොලර් මිලියන 26ක මුදලක් ලංකාවට ලබාදී ඇත.

Leave A Reply

Your email address will not be published.