මෙරට කොරෝනා ආසාදිතයන් 05දෙනෙක් දැඩි සත්කාර ඒකකවල!

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරට දී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 05දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් රෝගීන් 04දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා ප‍්‍රතිකාර ලබන්නේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 106ක්. ඒ අතරින් පුද්ගලයින් 07දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදිත බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 238ක්.

මූලාශ්‍රය – නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.