කොරෝනා අපට දේවාශිර්වාදයක්.. ආණ්ඩුව පෙරලන්න දැන්ම සැරසෙන්න..- විපක්‍ෂ ප්‍රභලයෙක් කියයි

කොරොනා වෛරසය රට තුළ විශාල ලෙස පැතිරී ගියහොත් පවතින ආණ්ඩුවට දැඩි ලෙස අවාසිදායක බව පැවති රජයේ යහපාලන ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් එවන් තත්ත්වකින් උපරිම වාසිය ලබා ගැනීම සඳහා දැන් සිටම කටයුතු සූදානම් කල යුතු බව සමීපතම දේශපාලකයන් කිහිප දෙනෙකුට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ජනතාවට ඉන් දැඩි ලෙස පීඩාවට පත්වී මරණ කිහිපයක් ද සිදු වී රෝගීන් විශාල ගණනක් වාර්තා වුවහොත් ඉන් අනතුරුව තවත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පවතින ආණ්ඩුව පරාජය කිරීම ඉතා පහසු වනු ඇති බව ඔහුගේ අදහස වෙයි.

එනිසා එවන් තත්ත්වයක් පැමිණියොත් ඉන් ප්‍රයෝජනය ගැනීම සඳහා දැන් සිටම මානුෂවාදී මුහුණුවරකින් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහස වී ඇත.

ඒ අනුව දැනට ඇඳිරි නීති කාලයේ නිවාස වල සිටින ජනතාවට ආහාර, ණය වාරික, ආදායම් අහිමිවීම ඇතුළු මානුෂීය ගැටලු සම්බන්ධයෙන් වැඩි වශයෙන් සමාජ ජාල ඔස්සේ සංවාදයක් මතු කළ යුතු බවත් එය අවශ්‍ය මොහොතේදී ආණ්ඩුව විරෝධයක් තෙක් තීව්‍ර කිරීමට සූදානම්ව සිටින ලෙසත් මෙම හිටපු ප්‍රබලයා දැනුම් දී ඇත.

කොරෝනා වසංගතය විපක්ෂයට පැමිණි ආශිර්වාදයක් ලෙස සැලකිය හැකි බවද පවසා ඇති ඔහු දැඩිව අවධාරණය කර ඇති යම් හෙයකින් පවතින ආණ්ඩුව කොරෝනා වෘප්තිය ජයගත ගතහොත් ඔවුන් ඉතා පහසුවෙන් විශාල බලයක් සහිත මීළඟ මැතිවරණයද ජය ගනු ඇති බවයි.

දක්‍ෂ දේශපාලන කුමන්ත‍්‍රණකරුවෙක් වන පැවති රජයයේ මෙම ප්‍රබල හිටපු ප්‍රබල ඇමැතිවරයා පසුගිය රජය සමයේ සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක්ම හේතුවෙන් සමාජයේ දැඩි විවේචන එල්ල විය.

උපුටා ගැනීම – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.