බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා ආසාදනය වෙයි!

බ්‍රිතානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සැලකෙන සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්‌ හට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සිය ටිව්ටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තමන්ට සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා වෛද්‍ය උපදෙස් මත නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී තමන්ට වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.

තමන් මේ වන විට නිවසට වී ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවත් රාජකාරි කටයුතු ද සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර එරට අගමැති බොරිස් ජෝන්සන් ද තමන්ට වෛරසය වැලදී ඇති බව තහවුරු කර සිටියා.

Leave A Reply

Your email address will not be published.