කල් දැමු මැතිවරණය පැවැත්වෙන දිනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කල් දමා තිබෙන පාර්ලිමේන්තු මැතිවරණය තවත් මාස තුනකින් පමණ යනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

අපේ‍්‍රල් මස 25 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබුණද මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් දමනු ලැබුවේ කොරෝනා ව්‍යාප්ත හේතුවෙනි.

මැතිවරණය පැවැත්වීමට දිනයක් පසුව ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා නාමයෝජනා භාර ගනිමින් සඳහන් කළේය.

කෙසේ නමුත් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය අප්‍රේල් මාසයෙන් පසුව ද තවත් මාස තුනකින් පමණ වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේ දී ද මේ ගැන කතාබහ වී ඇත.

  • lankacnews
Leave A Reply

Your email address will not be published.