ඇඳිරි නීතිය තදින් ම ක්‍රියාත්මක කරන්නැයි නියෝග!

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදාහැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළෙඳසැල්වලට අවසර අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇත.

බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

එමෙන්ම පනවා ඇති ඇඳිරි නීතිය තදින් ම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති අතර සෑම පොලිස්බල ප්‍රදේශයකම කිසිදු හේතුවක් මත මහජනතාවට මහ මාර්ගයන්හි හෝ අතුරු මාර්ගයන්හි හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවට ද නියෝග කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තරයේ ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු ම පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.

Leave A Reply

Your email address will not be published.