මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය බවත්, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිටි බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.