සමෘද්ධි ලාභීන්ට රුපියල් දසදහසක පොලී රහිත ණයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
මෙයට අමතරව සුළු පරිමාන කර්මාන්ත සඳහා ලබාගත් ලක්ෂ 10ට අඩු පුද්ගලික ණය සඳහා වාරික ගෙවීම මාස 03ක් දක්වා අත්හිටුවීමටත්, රුපියල් 50000ට අඩු ණයපත්වලින් ගණුදෙනු කරන්නන් සඳහා ණය පොලී අනුපාතය 15 %දක්වා අඩුකිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි මෙම මාධ්‍ය හමුවේ දී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.