IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට!

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් අයි.ඩී.එච්. රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

අයි.ඩී.එච්. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ වෛරස අසාදිතයින් සංඛ්‍යාව 102ක් වෙයි.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

තවදුරටත් දිවයින පුරා රෝහල්වල කොවිඩ් නයින්ටීන් අසාදිතයින් බවට සැකකරන පුද්ගලයින් 255දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මූලාශ්‍රය – දෙරණ

Leave A Reply

Your email address will not be published.