ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුළ ද මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබේ. ලොව සියලුදෙනාගේ එදිනෙදා ජීවිතයට බලපා ඇති COVID -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ද එක්වී තිබේ.
මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍යව තිබූ Video Laryngoscopes යන්ත්‍ර මිල දී ගැනීම සඳහා ක්‍රීඩකයින් මුදල් පරිත්‍යාග කර ඇති අතර එය වයිරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා උපකාරී වනු ඇත.
“මෙම වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා රෝහල් බලධාරීන් අරමුදල් සොයන බව දැන ගත් විගස, මුළු කණ්ඩායමම මේ කාර්‍යයට දායක වුණා. COVID-19 සමග සටන් කිරීමට අපි හැකි තරම් උත්සාහ කර දායක වෙනවා. මේ උපකරණ දින කිහිපයකින් පැමිණේවි.” ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේය.
දරුණු කොරෝනා වයිරස් ආසාදනය හේතුවෙන් ශ්වසන අස්ථායිතාව සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙම Video Laryngoscope උපකරණ භාවිත කළ හැකිය. ස්වර තන්ත්‍ර නිරීක්ෂණය සඳහා එය වඩාත් නිවැරදි හා පහසු ක්‍රියා පටිපාටියකි.
මෙම උපකරණ ශ්‍රී ලංකාවට පැමිණි වහාම ජාතික රෝහලට පරිත්‍යාග කිරීමට නියමිත ය.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද රුපියල් මිලියන 25ක් රජයට පරිත්‍යාග කරමින් මෙම COVID-19 සටන සඳහා දායක විය.
මූලාශ්‍රය – ThePapare.com