දිස්ත‍්‍රික්ක 09ක් හැර රට පුරා සෙසු සියලු ප‍්‍රදේශවලට අද (26) පෙරවරු 06.00ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා. මෙම ප‍්‍රදේශවලට අද දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවන බවයි පොලීසිය පවසන්නේ.
කෙසේවෙතත්, ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන පැය 06ක සහන කාලයේදී වුවත්, අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් නිවසින් බැහරව යන ලෙස මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.
පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් මෙම ඉල්ලීම කළා.
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන පැය 06ක සහන කාලයේ දී වුවද, නිරෝධායනයට ලක්ව සිටින පිරිස්වලට නිවසින් බැහැරව යා නොහැකි බව ද මෙහිදී සිහිපත් කෙරුණා.
ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන කාලයේදී වුවද, දිස්ති‍්‍රක්ක අතර ගමනාගමනයට අවසර ලබා නොදෙන බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. අනුමත අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින්නන් සඳහා පමණක් මෙම කාලයේදී දිස්ති‍්‍රක්ක අතර ගමන් කල හැකියි. ඔවුන් වුවද, නිරෝධායන රීතිවලට යටත්ව ගමනාගමනය සිදු කළ යුතු බවයි පොලීසිය අවධාරණය කළේ.
මේ වෙනුවෙන් රට පුරා පොලිස් මාර්ග බාධක 600කට ආසන්න සංඛ්‍යාවක් අළුතින් පිහිටුවා ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර අත්‍යවශ්‍ය කරුණු සඳහා නිවසින් බැහැරව යාමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කළ ද, එම කාලයේදී වුවත්, මහජනතාව ලබාදී ඇති උපදෙස් අනුවම පමණක් කටයුතු කිරීම වැදගත් බවයි වෛද්‍යවරුන් ද පෙන්වා දෙන්නේ. මෙම කෙටි කාලයේදී වුවත්, සුළු පිරිසක් පමණක් නොසැලකිලිමත් ලෙස හැසිරීමෙන් පවා කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිරීම බොහෝ දුරට වළක්වාලමින් ශී‍්‍ර ලංකාව මෙතෙක් ලැබූ සාර්ථකත්වය ගිලිහී යා හැකි බව ද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම ඒ බව සඳහන් කළා.
නිවසින් බැහැරව යන අවස්ථාවලදී පුද්ගලයින් අතර මීටරයක පරතරයක් පවත්වා ගත යුතු බව ද මෙහිදී සිහිපත් කෙරුණා. ඊට අමතරව නිතර දෑත් සෝදා පිරිසිදු කර ගැනීම ද කැස්ස හෝ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයක් පවතීනම් පමණක් මුඛ ආවරණයක් පැලඳීම ද සුදුසු බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ. කෙසේවෙතත්, නිරෝගී තැනැත්තන් මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය නොවන බව ද අවධාරණය කෙරුණා.