කටුගස්තොට හදිසි ගින්නක්

කටුගස්තොට ‍පොලිස් වසමේ යටිවාවල, මොරගිරි කන්ද ප්‍රදේශයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ(25) සවස 6ට පමණ මෙය ඇති වු බවට කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මකවී තිබේ.

පොලීසිය, මහනුවර ගිනි නිවීමේ ඒකකය, මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර, හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

කටුගස්තොට පොලීසිය වැඩදුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.