මේරියන්ස් නායක නලින් පෙරේරා සිය නිවාස නිරෝධායනය සඳහා ලබාදෙයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ නිරෝධායනය කටයුතු සිදුකිරීමට ආරක්ෂක අංශ වෙන්ම සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් සිදුකරමින් සිටිනවා. එසේම නිරෝධායන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ස්ථාන සොයා ගැනීමට රජය පසුගිය සමයේ විශාල වෙහෙසක් දැරුවා. කෙසේ වෙතත් මේ වන විට සැබෑ ශ්‍රී ලාංකිකයින් ලෙස බොහෝ දෙනා තම යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව ජනප්‍රිය ගායකයෙක් වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ද ඔහුගේ හලාවත පිහිටි නිවෙස හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත නිරෝධායනය සඳහා ලබා දී තිබෙනවා. සියළු පහසුකම් වලින් යුතු එම නිවස වෛද්‍යවරුන්ට මෙන්ම හෙද හෙදියන්ටද භාවිතා කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මේ අවස්ථාවේදී සියළු දෙනා එක්ව තම යුතුකම ඉටුකළ යුතු බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේෙ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.එම සටහන පහතින්

“අපි හැමෝම එකා වගේ එකතු වෙන්න ඕනේ කාලයක් ආයේ උදාවෙලා තියෙනවා .මට හිතෙන විදිහට මෙහෙම කාලවල් ආයේ ආයේ මුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ අපේම දුර්වලතා, අතපසුවීම්, නොදැනුවත්කම්, නොමග යැවීම්, මගහැරීම් එක්ක කියලයි මම හිතන්නේ . ප්‍රශ්නයක් උන්නාම එහෙම උනේ ඇයි මොකක් හින්දද මේ වගේ දෙයක් ආයේ උනේ කියන එක අපි හැමෝම හිතන්න ඕනේ .

මවක් පියෙක් දුවෙක් පුතෙක් විදිහට අපේ යුතුකම් අපි හරියට ඉෂ්ටකලාද .රට වෙනුවෙන් ඉෂ්ට කලාද ? රටේ යුතුකම් ඉෂ්ට කරන්නේ ත්‍රිවිධ හමුදාව , දොස්තරලා ,පොලිසිය රෝහල්වල වැඩ කරන අය විතරද ? ශ්‍රී ලාංකිකයින් හැටියට අපි ජීවත් වෙන මේ පුංච් රටේ අපිට කරන්න බැරි දේවල් මොනවද? ලාංකිකයෝ හැටියට අපිට කොච්චර ලොකු වගකීමක් තියෙනවද ? ආදරය,මනුස්සකම කියන දේවල් අද අද මාකට් වෙන තත්වෙකට පත්වෙලා . එක ජාතියක් විදිහට අපි පිල් බෙදිලා ,ආගම් විදිහට බෙදිලා ,පක්ෂ වලට බෙදිලා.මේවයින් අපිට ලැබෙන දේවල් මොනවද .? අපි ලොකුවට ආගම් ගැන කියවනවා බුදුන් වහන්සේ කියල දුන්න මාර්ගයේ අපි යනවද ?

ජේසුස් වහන්සේ කීව්වේ සැමට ප්‍රේම කරන්න කියල . හැම ආගමකම කියන්නේ මනුස්සකම ප්‍රගුණ කරන්න කියන එක . සිංහල ජාතිය ජීවත් වෙන රටක් විදිහට අපි අද ඉන්නේ කොතනද කියන එක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ . මොකද සිංහල කීවම මොන ලෝකේ ගියත් කටත් මතක් වෙන්නේ ශ්‍රීලංකා මාතෘ භුමිය.

තමන් හැදුනොත් පවුල හැදෙයි .ඔබේ පවුල හැදුනොත් ගම හැදෙයි .ගම හැදුනොත් රට හැදෙයි . අපිට අද මේ මුණ දෙන්න වෙලා තියෙන හැම දෙකටම තමන්ගේ හර්ධ සාක්ෂියට කතා කරන්න .අහන්න .මම අපි ඔබේ හරිද ? අපිට ආගම් ශාස්තෘවරු කියල දීල තියෙන දේවල් වලට හැටියට අපි ජිවත් වෙනවද ? නැත්තම් එකත් ඉරිදට පල්ලියට විතරක් ,පෝයට පන්සලට විතරක් ,කෝවිලට ,සිකුරාදාට මුස්ලිම් පල්ලියට විතරක් සීමා වෙලාද ?
ඔබ මම අවදිව ජීවත් වෙන්න ඕනේ කාලයක් උදාවෙලා තියෙන්නේ.මිනිස්සු ගැන හිතන්න.

මොකද අද ඔබ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි දී නිසා හෙට රටක් ජාතියක් වැනසිලා යන්න පුළුවන්.අද අපි හැමෝටම මුහුණ දෙන්න වෙලා තියෙන්නේ එහෙම දෙකට.තමන්ගේ ආරක්ෂාව වගේම අනිත් මනුස්සයාගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාව ගැනත් ලාංකිකයෝ හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. .අමතක කරන්නම එපා .තමන්ගේ දෙයක් කරගෙන ජීවත් වෙනවද ?අනුන්ගේ දෙයක් හොරකන් කරගෙන ජීවත් වෙනවද ?

ශ්‍රී ලංකාව කියන්නේ අපි හැමෝගෙම මාතෘ භුමිය. ඔබෙත් මගෙත් අම්ම. අපි හැමෝටම අම්මල ඉන්නවා අපි ඒ අම්මට කොච්චර ආදරෙයිද .කොච්චර ගරු කරනවද. ඔබත් ඔබේ මවට ආදරේ කරන ශ්‍රී ලාංකිකයෙක්ද ? හදවතට කතා කරලා අහන්න . ඔබම තීරණය කරන්න .මොකද අපි හැමෝම අවසානේ නතර වෙන්නේ එකම තැනක. මරණය කියන තැන.

-මේරියන්ස් නායක – නලින් පෙරේරා –

Leave A Reply

Your email address will not be published.