පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හමුවේ සමාජයේ පැතිර යමින් පවතින මිත්‍යාවන් හේතුවෙන් මෙරට ජනතාව අපහසුතාවයන්ට පත්ව තිබේ.
මේ අනුව සාමාන්‍ය ජනතාවට අනිවාර්ය කර නොමැති මුඛ ආවරණ පැළදීම පිළිබඳ අදහස් මිත්‍යාවන් ලෙසින් සමාජගත වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පනවා තිබෙනා නිර්ණායකයන්ට අනුව කොරෝනා රෝගීන් සමග නොගැවසෙන සාමාන්‍ය ජනතාවට මුඛ ආවරණ අනිවාර්ය කර නැත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෛද්‍ය අනිල් ජයසිංහ ඊයේ දින මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙරට ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ පබා පලිහවඩනද මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළේ මුඛ ආවරණ පැළඳීම සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය නොවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව කොරෝනා වාහකයන්ගෙන් ආරක්ෂා වීමට පැළඳිය යුත්තේ N-95 ප්‍රමිතියේ මුඛ ආවරණයි. සර්ජිකල් මාස්ක්ස් ලෙසින් හඳුන්වන සායනික මුඛ ආවරණත් ප්‍රමිතිය සපුරයි.
ද්‍රව අංශූ උරාගන්නා රෙදි හෝ වාතය පිරිසිදු කිරීමට සාදා ඇති ආවරණ හෝ වෙනත් දෑ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට පැළඳීම ඉතාමත් ඵල රහිත ක්‍රියාවකි.
නිසි ප්‍රමිතිය නොමැති මුඛ ආවරණ පැළඳීම හෝ මුඛ ආවරණ පැලදීමේදි අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත් නොපිළිපැදීම, මුඛ ආවරණ නොපැළඳීමට වඩා භයානක ක්‍රියාවකි.
මුඛ ආවරණ පැලදීමේදි තෝරා ගත යුත්තේ ද්‍රව උරා නොගන්නා ප්‍රමිතියේ මුඛ ආවරණය. රෙදී වලින් සෑදූ හෝ වාතය පිරිසිඳු කිරීමට සෑදූ මුඛ ආවරණ පැළඳීමෙන් පලක් නැත.
එම මුඛ ආවරණ කිසිසේත්ම ස්පර්ශ කිරීම නොකළ යුතු අතර පැය දෙක තුනක කාලයකින් පසුව මුඛ ආවරණ ඉවත් කළ යුතුය.
කෙසේ වෙතත් මෙරට ජනතාව රෙදි හෝ නිසි ප්‍රමිතිය නොමැති මුඛ ආවරණ පැළඳීමත්, නිසි ක්‍රියාපිළිවෙල අනුගමනය නොකිරීමත් ප්‍රබල සමාජ ගැටලුවක් වී තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දේ.