අපි එන තුරු ගෙදර ඉන්න… ආහාර ලගටම ගෙනෙන ක්‍රම වේදය ඇරඹේ

සමුපකාර දෙපාර්තමේන්තුව විසින් “අපි ‍එන තුරු ගෙදර ඉන්න” නමින් ආරම්භ කළ වියළි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩසටහන යට‍තේ රුපියල් 500 ක් හා රුපියල් 1000 වටිනාකම්වලින් යුත් වියළි සලාක ඇතුළත් බඩු මලු ජනතාට ‍බෙදා දෙනු ලැබීය.

අවශ්‍ය බඩු මලු දුරකථන අංක මඟින් දැනුම් දිමෙන් නිවෙස්වලට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් මඟින් ග්‍රාම නිලධාරීන් හරහා ඉදිරියේ දී මෙම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ඇති විවිධ සේවා සමුපකාර සමිති 38 තුළම ක්‍රියාත්මක වන බව බස්නාහිර ‍පළාත් කොමසාරිස් රුචිනි ඒ විජේවික්‍රම මහත්මිය පැවසීය.

Leave A Reply

Your email address will not be published.