අද දිනය තුළ පරික්ෂා කරන ලද ජීව සාම්පල අතුරින් පස්වරුව වන තුරුම කොරෝනා ආසාදිත කිසිවකු තහවුරු නොවූ බව සෞඛ්‍යය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
කෙසේ නමුත් ඉදිරි සති දෙකක කාලය තීරණාත්මක නිසා ජනතාව ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඇය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.
මේ අතර ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආසන්න දිනවලදී දිනපතා ජීව සාම්පල සියයක් පමණ පරීක්ෂා කලද ඉන් කොරෝනා ආසාදිත යැයි වාර්තා වූයේ පස් දෙනෙකු පමණ ප්‍රමාණයකට බවයි.
මෙය හොඳ ප්‍රවණතාවයක් බවත් මේ ආකාරයෙන් පවත්වාගෙන ගියහොත් මෙරට කොරෝනා ව්‍යාප්ත ව්‍යාප්තිය පාලනය කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.