කොරෝනා ආසාදිත චාර්ල්ස් කුමරු අවසන් වරට මහ රැජින හමුවූ දිනය

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ ඇයගේ පුත්‍රයා වන 71 හැවිරිදි චාර්ල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට වාර්තා පළවීමත් සමගයි.

ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා අවසන් වරට සිය මව් රැජින වන දෙවන එලිසබෙත් මහ රැජින හමුවී ඇත්තේ ඉකුත් මාර්තු 12 වෙනිදා බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ වන විට දෙවන එළිසබෙත් මහ රැජින සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු ලන්ඩන් නගරයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මාලිගාවේ වාසය කරනු ලබනවා.

Leave A Reply

Your email address will not be published.