අතට අත නොදී ආයුබෝවන් කියූ චාර්ල්ස් කුමරුටත් කොරෝනා!

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැලදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

චාර්ල්ස් කුමරු මේ වන විට 71 වන වියේ පසුවනවා. මේ වන විට ඔහුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.