කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය ගොස් ඇතැයි ද වාර්තා වෙයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතේ මෙලිසා ප්‍රදේශයේ විසූ ලාංකිකයෙකි.
70 හැවිරිදි ඔහු එම රෝගීව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
මෙම ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.