නව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා යළි පාර්ලිමේන්තුව රැස්වනවා වෙනුවට ජාතික වැඩපිළිවෙළක් වෙත සහාය දීම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින් රැසකගේ අදහස වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මෙම අදහස් පළ වී ඇත්තේ නව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසුරිය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් විකමසිංහ, සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියේය.
කෙරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායකයින්ගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍යවරයා එහිදී තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද රජයේ වැඩපිළිවෙළ අගය කරමින් පවසා ඇත්තේ එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව ඇති බවයි.
එමෙන්ම හිටපු කථානායක කරූ ජයසූරිය මහතාද රජයේ වැඩපිළිවෙළ ඇගයීමට ලක්කර තිබේ.
ඒ අතර මෙම තත්ත්වයෙන් පසු ග්‍රාමීය ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීම සඳහා ගම සුරකිමු වැඩසටහන යටතේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.
මෙහිදී පක්ෂ නායකයින් කිහිපදෙනෙකුම නැවත පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති අතර බහුතරයේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුව රැස්වනවා වෙනුවට පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ජනතාවට ආදර්ශයක් සපයමින් කොරෝනා මර්දනයට ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් දායක වීම වඩාත් සුදුසු බවයි.
– දෙරණ