ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයක ම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව විවෘත කිරීමට නියමිත ෆාමසි පිළිබඳ ලේඛනයක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට නියමිත අතර, අනුමැතිය හිමිවූ පසු ෆාමසිය බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි. හදිසි අවස්ථාවකදී කිසියම් පුද්ගලයකුට ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව උදා කිරීම මෙහි අරමුණ වී තිබේ.