සාගලව කොළඹින් දාන්න රනිල් ගත් උත්සාහයට සිදුවූ දේ..

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් හා මාතර දිස්ත්‍රික්ක අපේක්ෂක ලැයිස්තුව ඉදිරි මහෙන් ඉදිරි මහමැතිවරණය සඳහා අවස්ථාවක් ලබාගැනීමට නොහැකි වූ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාව කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය රවි කරුණානායක මහතාගේ විරෝධය මත යටපත් වී තිබේ.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය රවි රවී කරුණානායක මහතා ය.

වික්‍රමසිංහ මහතාට ඉතා ම සමීපතමයෙකු වන සාගල රත්නායක මහතාට මෙම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දෙන්නේ නම් තමන් එම ලැයිස්තුවෙන් තරග නොකරන බව රවි කරුණානායක මහතා දැනුම් දී තිබේ.

ඒ අනුව රවි කරුණානායක මහතා අතුරලියේ රතන හිමියන්ගේ  අපේ ජන බල පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා අත්සන් කරන බව පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

– Asian Mirror

Leave A Reply

Your email address will not be published.