වසර 29කට පසු සෙනසුරු මාරුවෙයි – ඔබේ ලග්නයට බලපාන හැටි මෙන්න

”සෙනසුරු’’ හෙවත් ශනි ග‍්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කථාබහට ලක්වන අප සෑම සියලූ දෙනාගේම අවධානයට ලක්වන නවග‍්‍රහයන් අතරින් ප‍්‍රධාන වූ පාපී ග‍්‍රහයෙකි. සඵල වලට වඩා අපල බාධා හා පීඩා ඇති කරන ග‍්‍රහයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත් සෙනසුරු අද (24) සිට තවත් ග‍්‍රහ පෙරළියකට සූදානම් වෙයිි. එනම් ග‍්‍රහ බල බිඳී, පෙරළිකාර ශනි, ජනවාරි 24 සිට ශනිටම අයත් මකර රාශියට පිවිස ග‍්‍රහ ගමනේ යෙදීමට සූදානම් වෙමින්ය පසු ගිය වසර 3 කට ආසන්න කාලයක සිට රාශි වළල්ලේ ධනු රාශියේ සම රාශි ගතව ඉදිරියට පැමිණි සෙනසුරු හෙවත් ශනි ග‍්‍රහයා අද පෙ.ව 09.56 ට මකර රැුසට පිවිසිණි්. මෙම ග‍්‍රහ මාරුව රටට දැනෙන සිදුවීම් ඇති වන ප‍්‍රධාන හා අතිවිශේෂ ග‍්‍රහ මාරුවක් වනු ඇත.

මේෂ ලග්නය

ශනි ලග්නයෙන් 10 වැන්නට පැමිණීම යහපත් කාලයකි. වෘත්තීය අංශ වල මෙන්ම රැුකියා වල යහපත උදා වනු ඇත. සතුරන්ගෙන් ඡුය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනු වලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබ ඵල ගෙන දෙන අතර ප‍්‍රමාද වී පවතින රැුකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප‍්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප‍්‍රවනතාවක් දක්නට ලැඛේ.

වෘෂභ ලග්නය

ඔබගේ අෂ්ඨම ඒරාශ්ඨකය අවසන්ව ශනි ලග්නයෙන් 9 වැන්නට පැමිණීම ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. පෙර පින ඇති කරයි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේ කාලය මිශ‍්‍රඵල දායක වේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. රැුකියා අංශ වල විසිතුරු භාණ්ඩ අලවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියා වල නිරතවන්නන්ට සුබ දායකය. රෝග වලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටු දායකය. රැුකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

මිථුන ලග්නය

ශනි ලග්නයෙන් අටවැන්නේ ගෝචර වීම ලග්න අෂ්ඨම ඒරාශ්ඨකයයි. සෙනසුරු ග‍්‍රහයා ධනුවේ ගත කරන ඉදිරි වසර දෙකහාමාරක කාලය අෂ්ඨම ඒරාශ්ඨක අපලය උදාවන කාලයකි. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැුකියා වල නිරත අය තම රැුකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැුකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත‍්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක ලග්නය

ශනි 7 වැන්නේ ගමන් කරන මෙම කාලයේ ඔබට සමඵල උදා කරයි. විවාහයට යහපත් වේ. නමුත් නීතිමය කටයුතු වලින් නම් යහපත් නොවේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුබදායක ප‍්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. පේ‍්‍රම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදි එය බිඳී යෑමට හැකිය.

සිංහ ලග්නය

ලග්නයෙන් 6 වැන්නට ශනි පැමිණෙයි. යම් යම් අංශ වලින් යහපත උදා කරයි. වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. නමුත් යහපත් ප‍්‍රතිඵල උදා වනු ඇත. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපල දායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාර වලින් ලාභ සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා නව වාහන ලැබීමේ ප‍්‍රවනතාවක් පවතී. එසේම ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්ථා ද උදා වනු ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් වන අතර විදේශ ගමන් වලටත් සබුදායක වනු ඇත. රැුකීරක්ෂා කටයුතු වල යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැුකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි ඉතා යහපත්ය.

කන්‍ය ලග්නය

ලග්නයෙන් 5 වැන්නේ ශනි බලවත් වීම යහපත් වේ. මෙම කාලය තුළ ඔබට යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. එසේම ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සමිති සමාගම් වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප‍්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප‍්‍රීති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදා වනු ඇත.

තුලා ලග්නය

ලග්නයෙන් 4 වැන්න තුළ ශනි මෙවර බලවත් වීමෙන් ඔබගේ යහපත් සුබදායක කාලය පැමිණ ඇත. ගේ දොර ඉඩකඩම් කටයුතු වලට යහපත්ය. මව් පාර්ශ්වයෙන් දේපල ලාභ ඇතිවන කාලයකි. ධන ලාභ ඇති වේ. ශරීරයේ ඇති ලස්සන වැඩිවන අතර ශරීර ශක්තිය වර්ධනය වීමට කාරණා යෙදේ. මුදල් අතේ රැුඳෙන වියදම් අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට නොහැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් සුළු ගැටලූ හා ප‍්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. පාද වල ලප කැළැල් ඇති විය හැකිය.

වෘශ්චික ලග්නය

වසර හතහමාරක ලග්න ඒරාශ්ඨක අපල අවසන්ව ශනි ලග්නයෙන් 3 වැන්නට පැමිණෙන මෙම වසර දෙකහාමාරක කාලය ඔබගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. නව ආදායම් මාර්ග ඇති විය හැකිය. රෝගාබාධ මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන ප‍්‍රශ්න දුරු වන කාලයකි. නව ආදායම් මාර්ග හට ගැනීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබ වලින් ජය ගත හැකි අතර එය තමාට ඉතාම වාසි සහගත වනු ඇත. රැුකියා ස්ථානයේ උසස් වීම් ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප‍්‍රශ්න හා ගැටලූකාරී තත්ත්වයන් ඇති විය නොහැකිය. සුබදායකය. විදේශ ගමන් සඳහා යහපත් අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ තුළින් දරුවන්ගේ අනාගත යහපත උදාවනු ඇත. සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී යහපත් වන අතර තම සහෝදර සහෝදරියන් සමග වෙනදාට වඩා සබඳතා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. උසස් අයගේ කීර්ති ප‍්‍රශංසාද ලැබේ. මෙම කාලයේ සමාජයේ ප‍්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැඛේ.

ධනු ලග්නය

ලග්නයෙන් 2 වැන්නේ ශනි ගමන් කරන මෙම කාලය ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැුඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප‍්‍රශ්න ඇති විය හැකිය. රැුකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප‍්‍රමාදයක් ඇති වන අතර රැකියා වල නිරත අයගේ එම රැුකියා ස්ථාන වල යම් යම් ගැටලූ ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම් ස්නායු ආබාධ මුත‍්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හටගැනීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්ත‍්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

මකර ලග්නය

ශනි ලග්නයට පැමිණීම ඔබට සමඵල උදාකරයි. නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතු වලට බාධා හා ප‍්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ

ගැටලූ ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතු වලදි අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැුකී රක්ෂා වලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ‍්‍රත රෝගා බාධ, වාතා රෝගා බාධා, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේකෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප‍්‍රමාද වෙයි.

කුම්භ ලග්නය

ශනි 12 වැන්නේ ගමන් කරයි. ලග්න ඒරාශ්ඨකයේ ආරම්භක අවස්ථාව වේ. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැුකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කල යුතු වෙයි. රැුකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශ වලට සුබ දායක වේ. රැුකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම් වලට හේතු

මීන ලග්නය

ලග්නයෙන් 11 වැන්න හෙවත් අයස්ථාන ගතව ශනි බලවත් වීම ඔබට සුබඵල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් සුළු බාධා ඇතිචේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැුයි වාසනා බෙහෝවිට උදාවේ. රැුකියා අංශ වල රාජ්‍ය අනුග‍්‍රහය හා උසස් අයගේ කීර්ති ප‍්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල ලැබිය හැකිය. ඥතීන් සමග මත බේද පහව යනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ අංශ වලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ඒ වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සුබය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටී නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

– නෙත් ඇසුරිනි

Leave A Reply

Your email address will not be published.