සරණ අසරණ වෙයි.. වසර තුනක සිර දඬුවම්

2005 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කළා.

මීට අමතරව චෝදනා වලට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද ගෙවීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.

විත්තිකරු මෙම වරද 2005 වසරේ මැයි මස 05 වැනි දා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදු කර ඇති බවත් එහිදී රුපියල් 960,000ක් වැය කරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇති බවට පවසමින් අල්ලස් කොමිසන් සභාව සරණ ගුණවර්ධනට එරෙහිව නඩු පවරා තිබුණා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ අයුතු සහගත ලෙස හා නීති විරොධී ලෙස තම ධූරය භාවිත කරමින් දූෂණය නැමැති වරද කර ඇති බවට අල්ලස් කොමිසන් සභාව චෝදනා කර තිබුණා.

Leave A Reply

Your email address will not be published.