ජනවාරි 01 දා සිට කේරලයේ එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් තහනම්

2020 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි එක් වරක් භාවිත කල හැකි ප්ලාස්ටික් විකිණීම, නිෂ්පාදනය කිරීම සහ ගබඩා කිරීම තහනම් කර ඇත.

2019 නොවැම්බර් මාසයේ ගෙන ආ යෝජනාවකට අනුව කේරල ප්‍රාන්ත රජය නව වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කරතිබේ. සෞඛ්‍යය ට සහ පරිසරයට ප්ලාස්ටික් වලින් කරන බලපෑම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

මෙම තහනම් කඩ කරන පුද්ගලයන්ට බරපතල දඬුවම් හිමිවනු ඇත. තහනමට පටහැනිව කටයුතු කරන නිෂ්පාදකයින්, තොග බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙන්දන්ට ඉන්දීය රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කෙරේ. යම් පුද්ගලයෙකු නැවත නීතිය කඩකළහොත් ඔවුන්ට රුපියල් 25,000 ක දඩයක් නියම කර පසුව ඔවුන්ගේ බලපත්‍රයද අවලංගු කරනු ලැබේ.

Leave A Reply

Your email address will not be published.