ගෝල් ෆේස් යළි උණුසුම් වෙයි

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි.

ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි.

එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත් අතර ඉන් අනතුරුව එහි සිටි සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියර ගෙන තිබිණි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සිවු දෙනා අද (ඔක්. 10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *