iPhone 14 නිපදවීම ගැන ඇපල් සමාගම වෙනස් තීරණයක් ගනී

ඇපල් සමාගම විසින් මෑතකදී වෙළෙඳපොළට නිකුත් කරන ලද iPhone 14 ජංගම දුරකතනය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බව එම සමාගම පවසනවා.

චීනයෙන් බැහැරව සිය සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට සමගාමීව ඇපල් සමාගම එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇපල් සමාගම සිය දුරකතන බොහෝ ප්‍රමාණයක් චීනයේ නිපදවන නමුත් ඇමරිකාව සහ චීනය අතර ගැටලු ඉහළ යාමත් සමග ඇතැම් නිෂ්පාදන චීනයෙන් පිටත සිදු කරන බව මාධ්‍ය වාර්තා පල වනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ තායිවානය පදනම් කර ගත් ෆොක්ස්කොන් සමාගම ඇපල් සමාගමේ බහුතරයක් ජංගම දුරකතන නිෂ්පාදනය කරන අතර එම සමාගම 2017 වසරේ සිට දකුණු ඉන්දියාවේ තමිල්නඩු ප්‍රාන්තයේ සිය මෙහෙයුම් සිදු කර ඇති බව ය.

Leave A Reply

Your email address will not be published.