ආසියානු කුසලාන තරගාවලිය ලංකාවෙන් අරාබියට.. හේතුව මෙන්න

2022 ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, ප්‍රකාශ කර තිබෙනවා..

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මෙම තරගාවලිය පැවැත්වෙන නමුත් එහි සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පැවසුවේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් නමුත් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට සිදු වූ බවයි.

මෙම තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වෙනවා.

කණඩායම් සියල්ලටම ඉන්ධන සහිත බස් රථ දහයක් , සෑම කණ්ඩායමකටම ඉන්ධන සහිත ගමන් මලු වෑන් රථයක් මෙන්ම කළමනාකරුවන්ටත්, අනුග්‍රාහකයන්ටත් ප්‍රවාහන පහසුකම් ලබා දීමට මෙම තරගාවලිය තුලදී සිදු කල යුතු වෙනවා.

එලෙසම ඔවුන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් සහතික කළ යුතු බවත් විදුලි ජනන යන්ත්‍රවලට මෙන්ම විදුලි පහන් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන සොයා ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් එය පහසු කටයුත්තක් නොවේ.

මෙවර ආසියානු කුසලානය ආරම්භ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං අතර සුදුසුකම් ලැබීමේ තරග වටයකින්. ජයග්‍රාහකයා ප්‍රධාන තරඟාවලියට ගොස් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමඟ තරඟ කරනු ඇත.

Leave A Reply

Your email address will not be published.