ත්‍රීරෝද රථ වලට විශේෂිත පිරවුම්හල්

මේ මස 31 වනදාට පෙර සියලුම ත්‍රීරෝද රථ අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. අගෝස්තු මස 01 වනදා සිට තම ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ත්‍රීරෝද රථ සදහා ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබා දෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

උද්‍යාන උපකරණ, ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන් ඉන්ධන ලබා ගැනීම සදහා අදාල ප්‍රාදෛ්ය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතුයි. 49 සී සී යතුරුපැදි භාවිත කරන්නන් ඔවුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට සහ ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවද අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.

Leave A Reply

Your email address will not be published.