ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

74 හැවිරිදි ඉතාලියේ අගමැති මාරියෝ ඩ්රාගී ඉල්ලා අස්වී තිබෙනවා.

මීට වසර එකහමාරකට පමණ පෙර ඔහුගේ සමගි සන්ධාන රජය ආණ්ඩුව පිහිටවීමෙන් පසු ඔහුට අගමැති ධුරය හිමි වුණා.

එම සමගි සන්ධානයේ මේ වනවිට අර්බුද මතුවී ඇති අතර එබැවින් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති සර්ජියෝ මැටරේල්ලා ට දැනුම් දී තිබුණා.

ඔහුට එරෙහිව මේ වනවිට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඇති අතර එය පරාජය කිරීම සඳහා සන්ධානයේ පක්ෂ 3ක් අගමැතිවරයාට සහාය දිය නොහැකි බව දන්වා තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.