ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරය අත්හැරීමට සූදානමින්

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට මෙම අවස්ථාව ලබාදුන් බවත්, ඔහු මේ වන විට ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් තමන් තවදුරටත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බවත් ඔහු පවසා තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි ඇතිවූ පුරප්පාඩුව සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරුණා.

Leave A Reply

Your email address will not be published.