ලංකා ආර්ථිකය ගැන බය හිතෙන කතාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මියගොස් ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

මෙරට වාර්ෂික උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයිද ඔහු පවසනවා.

ශ්‍රී ලංකාව IMF වැඩසටහන් 16කට සම්බන්ධ වී තිබුණ ද ඉන් එකක් හෝ සාර්ථක නොවූ බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසන්නේ.

ජූනි මාසයේ දින 30ක කාලය තුළ වැඩි ම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩි ම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ ඇත්තේ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින් බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.