සමාජ මාධ්‍ය වලට නව නීති

ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.

මෙටා, ගූගල්, ට්විටර් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල නියෝජිතයින් මේ සඳහා සහභාගී වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව යුරෝපා සංගම් නියෝජිතයින් එහිදී සඳහන් කර තිබෙනවා.

එම ව්‍යාජ ගිණුම් සහ සාවද්‍ය තොරතුරු බෙදා හැරීමට එරෙහිව දඩ ක්‍රමයක් හඳුන්වා දීම ගැනද ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.