ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු අයත්.

ඒ අතරට නවක ක්‍රීඩකයින් වන දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් සහ නුවන් තුෂාර ද අයත්. ධනංජය ද සිල්වා සහ ලහිරු මදුසංඛ යළිත් වරක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙන අතර ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ නිරෝෂන් දික්වැල්ල ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.

දෙරට අතර තරග 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වනවා.

Leave A Reply

Your email address will not be published.