දැනට රටේ ඉතුරු ඉන්ධන ප්‍රමාණය ඇමැති කියයි

ඩීසල් මෙට්‍රික් ටොන් 18,825 ක් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඛනිජ තෙල් සංස්ථා ගබඩාවල මේ වනවිට පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද (02) උදෑසන 8.30 වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 42 ක් ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067 ක් මෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 386 ක් සංස්ථා ගබඩාවල පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ

Leave A Reply

Your email address will not be published.