යුක්රේනයට සහයෝගය දක්වන ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවනවා.
මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බවත් අවශ්‍ය වුව හොත් එම යුද ශක්තිය භාවිත කිරීමට පසුබට නො වන බව ද ජනපති පුටින් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.