ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් සමුළුවක් ඊයේ පැවැත්වුණා.
ගාල්ල වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බව එම සමුළුව අමතමින් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසූ අතර මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වෙනවා.
කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.