ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක සායනික අත්හදාබැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් නිවේදනය කර තිබේ.
බූස්ටර් මාත්‍රාවක් වන මේ එන්නත මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
අවුරුදු 18ත් 55ත් අතර නිරෝගී පුද්ගලයන් 1,420 දෙනෙකු යොදාගෙන සිදුකරන අත්හදා බැලීමේදී එන්නතේ ආරක්ෂාව, එහි බලපෑම, රෝගියෙකුට දරාගත හැකි මට්ටම හා ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර මට්ටම සම්බන්ධයෙන් ඇගයීමට ලක්කෙරේ.