අදත් විදුලිය කපයිද ?

අද දිනයේ දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ ඉන්ධන නොමැතිවීමෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය සඳහා ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන ලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ වනවිටත් එම ජනන යන්ත්‍රය සඳහා ඉන්ධන මෙට්‍රික් ටොන් 2500 ක් නිකුත් කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි සඳහන් කළේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක විදුලි ජනන කටයුතු ඊයේ සම්පූර්ණයෙන්ම නතර වුණා.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් සංඛ්‍යාව 150 ක්. කෙසේවෙතත් ඉන්ධන මෙටි්‍රක් ටොන් 10,000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදීමට ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබුණා. එම ඉන්ධන තොගය දින 08 කට පමණක් ප්‍රමාණවත් බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

Leave A Reply

Your email address will not be published.