කොරියානු කථානායක ශ්‍රී ලංකා සංචාරයක.. ඇමැති නාමල් හරසරින් පිළිගනී.

ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනාවක් මත මෙරටට පැමිණි කොරියානු ජනරජයේ ජාතික සභාවේ ගරු කථානායක පාර්ක් බියොංග්-සීඋග් (Park Byeong-Seug) මහතා පිලිගැනීම ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් විසින් සිදුකළ අතර මෙම අවස්ථාවට ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගරු රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක යන මහත්වරුන් ද එක්ව සිටියා.

දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු කිරීම එතුමන්ගේ සංචාරය තුලදී සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

“කොරියානු රාජ්‍යය අපත් සමග ඉතාමත්ම මිත්‍රශීලීව කටයුතු කල රටක්. ඒ වගේම ශ්‍රී ලාකික ශ්‍රමිකයින් 22000 කට වැඩි පිරිසක් කොරියාවේ මේ වන විටත් සේවය කරනවා. වසංගත කාල සීමාව තුල යම්කිසි පසුබෑමකට ලක්වුනා රටවල් දෙකේම තියෙන සංචරණ සීමා එක්ක. හැබැයි දැන් ක්‍රමානුකුලව නැවත වතාවක් ඒ කටයතු ආරම්භ වෙලා තිබෙනවා. මෙම සංචාරයත් සමගින් තවදුරටත් රටවල් දෙක අතර තිබෙන තානාපති සබඳතා මෙන්ම මහජනතාව අතර ඇති බැඳීම ශක්තිමත් කොට ඉදිරියට යන්න හැකියාව ලැබේවි ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.