ෆේස්බුක් අද සිට අවසන්

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා අඩවියක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර තිබෙනවා. ඒ සමාගම ප්‍රති සන්නාම ගත කිරිමේ වැඩපිළිවෙල යටතේයි.

සමාජ මාධ්‍ය යන භූමිකාවෙන් ඔබ්බට ගොස් අතථ්‍ය යථාර්ථය (virtual reality) වැනි කේෂ්ත්‍රය දක්වා ඉදිරියේදී පුළුල් කිරිමට ෆේස්බුක් සමාගම තීරණය කිරිම හේතුවෙන් නම වෙනස් කිරීමට සිදුවූ බවයි නව නම එළිදක්වමින් ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර සිටියේ.

මෙම නම් වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි යෙදුම් සඳහා අදාළ නොවන අතර, එම යෙදුම් අයත් මව් සමාගමේ නම පමණක් වෙනස් කිරීම සිදුවේ.

 

Leave A Reply

Your email address will not be published.