ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave A Reply

Your email address will not be published.