ශ්‍රි ලංකාවේ ජයසේන ලෝක සූපවේදීන්ගේ සංගමයේ සූපවේදීන්ගේ ලැයිස්තුවට

දෝහා කටාර්හි  maki international Japanese  රෙස්ටුරන්හි  සූපවේදියෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකීකයෙකු වූ ජයසේන බටගම මහතා ලෝක සූපවේදින්ගේ සංගමයේ සූපවේදීන්ගේ ලැයිස්තුවට ඇතුළත්වීමට පසුගියදා අවස්ථාව හිමි කර ගත්තේය.

වසර 13කට අධික කාලයක් සූපවේදියෙකු ලෙස සේවය කළ බටගම මහතා මෙම සුවිශේෂී අවස්ථාව හිමි කරගත්තේ ලෝක සූපවේදීන්ගේ සංගමයේ දීර්ඝකාලීන අධීක්ෂණය හා පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ තරග ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.එම සූපවේදී තරග තුළින් රන් පදක්කම් 2ක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට බටගම මහතා සමත්වී තිබේ.
මෙම සුවිශේෂී පිවිසුම තෙක් ඔහු ආ ගමන් මග පිළිබද ඔහු දැක්වුවේ මෙවන් අදහසකි
“මේ කඩයිම්වලට ළගාවෙන්න ගොඩක් දුක් ගැහැට විදින්න ඕනෙ.විශේෂයෙන් ලෝක සූපවේදීන්ගේ සoගමයේ ලාoඡනය සහිත ජැකට් එකක් ඇදීම අපේ සිහිනයක්.

මෙම අගියෝග ඔරලෝසුවෙ    වෙලාවට වැඩ පටන් අරගන වෙලාවට වැඩ නිමකරල ජයගන්න බැහැ.කැපකිරීම් බොහෝ කරන්න ඕනෙ.මොකද දැන් වැඩිපුර ඉන්නෙ පැය අටේ රස්සාව කරන සේවකයො.නමුත් මගේ ඔරලෝසුවෙ දවසට පැය 24 නෙවෙයි පැය 72 ක් විතර තියනව.ඒ කියන්නෙ පැයකට පැය තුනක වැඩ කරන්න ඕනෙ.
අනෙක ජීවිත සoකල්පක් විදියට නැහැ බැහැ යන වචන දෙක මම මගේ ජීවිතයෙන් අයින් කරල තියන්නෙ.අනෙක වයස කියන්නෙ එක්තරා ඉලක්කමක් පමණයි යන හැගීම තිබිය යුතුයි.
මම කරන්නෙ Japanese food.වසර 13 කට පෙර මෙම රැකියාවට ඇතුල්වෙන්නෙ කිසිම හෝටලයක හෝ ආපනශාලාවක වැඩ කරල නෙවෙයි .රැකියාව කරන ගමන් රැකියාව ඉගෙන ගැනීමේ සoකල්ප මත තමයි ආරම්භ කළේ.
අනෙක මෙම ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමටනම් අලුත් දෙයක් ඉගෙනගැනීම සදහා පිපාසයක් තිබිය යුතුයි.”

ජයසේන බටගොඩ මහතා කොළඹ ලුම්බිණි විදුහලේ දීප්තිමත් ආදිසිසුවෙකුද වෙයි.

Leave A Reply

Your email address will not be published.