ඉන්ධන මිල ඉහල යයිද ? ඇමති පිළිතුරු දෙයි

තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

“එකම ප්‍රශ්නෙනේ හැමදාම අහන්නේ. අපට දෙන්න තියෙන්නේ උත්තරේ තෙල් හිඟයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවක්ද නැත. ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට පත්කරගෙන, මුළු ලෝකයේම තෙල් මිල වැඩිකරලා තියෙද් දී ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ ජනතාව විඳින දුක අපිත් තේරෙන හින්දා.‍” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.