පාකිස්තානයට විශිෂ්ට ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින් පාකිස්ථානය විශිෂ්ඨ ජයක් ලබා ගත්තා.

20-20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දියාව පරාජය කරමින් පාකිස්ථානය වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙයයි.. මිට පෙර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී අවස්ථා 07කදී ඉන්දියාව සහ පාකිස්ථානය මුණ ගැසී ඇති අතර එම සෑම තරගයක්ම ඉන්දියාව ජයග්‍රහණය කර තිබුනා.

ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 17.5ක් තුල කිසිදු කඩුල්ලක් නොදැවී සිය ඉලක්කයට ලගා වුනා.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක බාබර් අසාම් නොදැවී ලකුණු 68ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79ක් ලබා ගත්තා.

 

 

 

Leave A Reply

Your email address will not be published.