සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරඟාවලිය අද (10) ආරම්භ වේ.
ඒ අනුව, පළමු T 20 තරඟය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
කොවිඩ් ආසාදිතව සුවය ලැබු ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද තරඟය සඳහා සහභාගි වනු ඇති බව වාර්තා වේ.